බෙන් ඇෆ්ලික් නිවේදිකාවගෙන් සමාව ඉල්ලයි



නවතම බැට්මෑන් ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටින ප්‍රවීණ හොලිවුඞ් නළුවකු මෙන්ම සම්මානනීය අධ්‍යක්ෂකයරයකු ද වන බෙන් ඇෆ්ලික් 2003 වසරේ සිදුවුණු සිදුවීමක් සම්බන්ධයෙන් ‘එම්.ටී.වී’ නාළිකාවේ නිවේදිකා හිලේරි බර්ටන්ගෙන් සමාව ඉල්ලා ඇත.

බෙන් ඇෆ්ලින්ක් මෙසේ සමාව ඉල්ලා ඇත්තේ සිය ටිව්ටර් ගිණුම ඔස්සේය.

2003 වසරේ සජීවී වැඩසටහනක් අතරතුරේ බෙන් ඇෆ්ලික්, නිවේදිකා හිලේරි බර්ටන් ස්පර්ෂ කර ඇත. තමාට බෙන් ඇෆ්ලික්ගෙන් ලිංගික හිරිහැරයක් සිදුවුණු බව ඇය පවසා තිබේ.

පසුගිය දා ඇමෙරිකානු ප්‍රකට රූපවාහිනී නිවේදක හාවි වින්ස්ටන්ට ලිංගික අපහරණ චෝදනා එල්ල විය.

ඒ ගැන හොලිවුඞ් නළි නිළියෝ ද අප්‍රසාදය පළ කරමින් අදහස් දක්වා තිබුණි. ඒ අතරේ බෙන් ඇෆ්ලික් ද සිටී.

2003 වසරේ දී ඇෆ්ලික්, හිලේරි බර්ටන් ට ලිංගික හිරිහැරයක් කළ සිද්ධිය කරළියට ආවේ එහෙයිනි.

‘කාට අමතක වුණත් ඒ සිද්ධිය තවමත් මට අමතක නැහැ’ යැයි හිලේරි බර්ටන් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS