බුෂ් දියණියට සුබ මංගලම්



ඇමෙරිකා හිටපු ජනාධිපති සහ ජනපති ආර්යා ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ සහ ලෝරාගේ දියණිය බාබරාගේ විවාහ මංගල උත්සවය පසුගිය දා ඉතා චාමෙට පැවැත්වුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

බාබාරාගේ අතිනත ගත්තේ ක්‍රෙග් ලූවිස් නමැති තරුණයාය. මංගල උත්සවයට මනාල යුවලගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතම මිතුරන් කිහිප දෙනකු පමණක් සහභාගී වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා විය. ජෝර්ජ් බුෂ්ගේ පියා ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයාය. මංගල උත්සවයට ඔහු ද පැමිණ සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS