බාද්ෂාහෝ නළු නිළි කැළ



1975 වසරේ ඉන්දියාවේ පැවැති අස්ථාවර දේශපාලන තත්ත්වය ද පසුබිම්කොට ගනිමින්, සත්‍ය සිදුවීම් ද ඇසුරින් නිර්මාණය කෙරුණු බාද්ෂාහෝ බොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් පළමු වැනිදා සිට තිරගත වෙයි.

මිලාන් ලුත්රියාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපයට සුපිරි නළු නිළි කැළක් එක් වී සිටිති. අජේ දෙව්ගන්, ඉලේනා දෙ කෘස්, ඊෂා ගුප්තා, එම්රාන් හෂ්මී සහ විද්‍යාත් ජම්මාල් ඒ අතරින් කැපී පෙනෙයි.

පසුගිය 7 වැනිදා චිත්‍රපටය ජනප්‍රිය කිරීමෙහිලා විශේෂ වැඩසටහනක් මුම්බායි නුවරදී පැවැත්විණි. ඊට චිත්‍රපටයට සම්බන්ධ සැවොම එක් වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS