බම්බල්බී එනවා



මයිකල් බේ අධ්‍යක්ෂණය කළ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාව පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය විය.

ට්‍රාන්ස්ෆෝමර්ස් යනු සයිබට්‍රෝන් නමැති ග්‍රහලොවේ සිට පෘථිවියට පැමිණෙන යාන්ත්‍රික පිටසක්වළ ජීවීන් පිරිසකි. හොඳ සහ නරක වශයෙන් මොවුන් කොටස් දෙකකි.

ඔප්ටිමස් ප්‍රයිම්ගේ නායකත්වය යටතේ පෘථිවියට එවනු ලබන බම්බල්බීගේ වික්‍රමය ‘බම්බල්බී’ චිත්‍රපටයට පාදක වෙයි. මෙය මෙතෙක් තිරගත වුණු සියලු ට්‍රාන්ෆෝමර්ස් චිත්‍රපටවලට පෙර සිදුවන සිදුවීම් පෙලක් හා බැඳෙයි.

කතාව දිව යන්නේ 1987 වසරේය. සයිබර්ට්‍රෝන් ග්‍රහලොවේ පැවැති යුද්ධයෙන් තුවාල ලබා හෙම්බත් වී, නපුරු ඩිසෙප්ටිකෝන්ලාගෙන් බේරී සිටින බම්බල්බී වොක්ස්වැගන් කාර් එකක් ලෙස වෙස්වලාගෙන කැලිෆෝනියාවේ මූදු වෙරළ අසල නගරයක ජීවත් වෙයි.

බම්බල්බීගේ මිතුරිය වන්නේ චාලී නමැති 18 හැවිරිදි යුවතියකි. ඇය සහ බම්බල්බීගේ සුවිශේෂී මිතුදම සහ බම්බල්බීගේ වීර වික්‍රම මෙම චිත්‍රපටයට පාදක වෙයි.

හේලී ස්ටෙයින්ෆීල්ඞ්, ජෝන් සීනා, ජෝන් ඕර්ටිස් රංගනයෙන් දායක වන අත අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ තරුණ අධ්‍යක්ෂකවරයෙකි. ඔහු ටේ‍රවිස් නයිට්ය.

‘බම්බල්බී’ දෙසැම්බර් 21 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.


RECOMMEND POSTS