පෙනුම නිසා නිරූපණ ශිල්පියා මරලා



ඉරාක මොස්තර නිරූපන ශිල්පියකු වුකරාර් නුෂිගේ පැහැත් සහ සිත් ඇඳගන්නා සුළු පෙනුම නිසා මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව ඉන්ඩිපෙන්ඩන් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඔහුගේ දේහය බැග්ඩෑඩ් නුවර තිබියදී හමු වී ඇති අතර ශරීරය පුරා පිහි ඇණුම් සහ තැලුම් තුවාල දැක්නට ඇති බව වාර්තා වේ.

ඔහුගේ දිග කොණ්ඩය,විලාසිතා සහ නිළියන් සමඟ දැඩි මිත්‍රත්වය නිසා ඔහුට මරණ තර්ජන එල්ල වී තිබු අතර මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ඔහුව ඝාතනය කරන්නට ඇති බවට කරාර් කුෂීගේ යහළුවන් සමාජ ජාල වේබ් අඩවි ඔස්සේ ප්‍රකාශ කර ඇති බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

ෂියා මුස්ලිම් භක්තිකයෙක් වන නුෂි මියයෑමට පෙර මොස්තර නිරූපන ප්‍රදර්ශනයකට සුදානම්න් සිටි බව වාර්තා වේ. 

අයි.එස් ත්‍රස්තවාදීන් මෙවැනි ආකාරයේ අපරාධ රශියක් සිදුකර ඇති අතර 2016 වර්ෂයේදි, සමලිංගික සේවනයේ යෙදුනු බවට චෝදනා කරමින් ඇස් දෙක බැඳ සිරියාවේ ඇලෙප්පෝ නගරයේ පිහිටා ඇති තට්ටු 10ක් උස ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු බිමට තල්ලු කර මරා දාමා ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS