පුලපුලා බලා සිටින වික්‍රමය හෙට එනවා



කවුරුත් පුලපුලා බලා සිටින මාවල් චිත්‍රකතා වීරයන්ගේ එකමුතුව, ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ’ හෙට (27) ලොව පුරා තිරගත වෙයි.

මෑත ඉතිහාසයේ කාගේත් අවධානයට ලක්වුණු හොලිවුඞ් වීර වික්‍රමය ලෙස ලෙස මෙම ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ’ හැඳින්විය හඳුන්වා දිය හැකිය.

අද (27) තිරගත වන්නේ ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ’ චිත්‍රපටයේ පළමු කොටස වන අතර මෙහි දෙවැන්න සහ අවසන් කොටස ලබන 2019 වසරේදී තිරගත වීමට නියමිතය. ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ’ ක්‍රියාදාම චිත්‍රපටය ජෝ සහ ඇන්තනි රූසෝ සොයුරන්ගේ අධ්‍යක්ෂණයකි.

චිත්‍රපටයේ කතාව වන්නේ, මාවල් වීරයන් වන අයන් මෑන්, හල්ක්, තෝර්, කැප්ටන් ඇමෙරිකා, බ්ලැක් විඩෝ, හෝක් අයි, ඩොක්ටර් ස්ටේ්‍රන්ජ්, වෝ මැෂීන්, ස්පයිඩර් මෑන්, බ්ලැක් පැන්තර්, ඈන්ට් මෑන්, විෂන්, වින්ටර් සෝල්ජර් සහ ගාඩියන්ස් ඔෆ් ද ගැලෙක්සි ආදී 2008 වසරේ සිට වසර 10 ක් තිස්සේ එදා මෙදා තිරගත වුණු සෑම මාවල් චිත්‍රපටයකම පාදක වුණු වීරයන් එකට එකමුතු වී, පිටසක්වළ සිට පැමිණෙන තේනෝස් නමැති බලසම්පන්න නපුරා සහ ඔහුගේ සහචරයන්ට එරෙහිව සටන් වැදීමය.


RECOMMEND POSTS