පුටින්ගේ රහස් පෙම්වතිය නිවුන් දරුවන් බිහි කරලා



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය යැයි පැවැසෙන හිටපු ඔලිම්පික් ක්‍රීඩිකා 36 හැවිරිදි එලීනා කබෝවා නිවුන් දරුවන් බිහි කර ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ මීට දින කීපයකට පෙරය. උපත ලබා ඇත්තේ පුතුන් දෙදෙනෙකි.

කබෝවාට සිසේරියානු සැත්කමකින් සිදුකළ බවත්, ඒ සඳහා විශේෂ වෛද්‍යවරයකු ඉතාලියේ සිට පැමිණි බවත් වාර්තා වේ.

එලීනා කබෝවා දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකි. ඇය රුසියාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇත. ක්‍රීඩාවට සමුදීමෙන් පසු එලීනා නිරූපිකාවක ලෙස කටයුතු කළාය.

ඉන්පසු ඇය රුසියානු දේශපාලනයට පිවිසියාය. ඒ, 2014 වනතුරුය.

දැන් ඇය ‘නැෂනල් මීඩියා ගෲප්’ නමැති රුසියානු ජාතික මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නීය.

පුටින් සහ එලීනා කබෝවා අතර රහස් ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ 2008 වසරේදීය.

පුටින් හිටපු කේ.ජී.බී. රහස් ඔත්තු සේවා නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. පුටින් කිසිම අවස්ථාවක එලීනා කබෝවා සමඟ සම්බන්ධයක් ඇතැයි පවසා නැත.

මොස්කව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS