පුංචි තිරයට එන්නත් කලින් වානර රජුගේ වික්‍රමයට විරෝධයක්



අතිශයින් ජනප්‍රිය චීන ප්‍රවාදයක් ලෙස සැලකෙන වානර රජුගේ වික්‍රම සහ ත්‍රිපිටකය සොයා චීනයේ සිට ඉන්දියාව බලා යන ගමන යළිත් වරක් පුංචි තිරයට පැමිණීමට නියමිත අතර ඊට බොහෝ දෙනකුගේ විරෝධය එල්ල වී ඇත.

‘ජර්නි ටු ද වෙස්ට්’ යන නමින් වානර රජු සන් වූකොන්, ත්‍රිපිටක භික්ෂුව, සුදු අසකු වන මකර කුමරු, පිග්සි හෙවත් ෂූ බජී සහ සැන්ඩි ෂා වූජින් ඇතුළු කණ්ඩායම චීනයේ සිට විවිධ බාධක සහ සතුරු උවදුරු මැදින් ඉන්දියාව බලා යන ගමන ‘ජර්නි ටු ද වෙස්ට්’ කතාවට පාදක වෙයි.

චීනයේ සදා අමරණීය ජනප්‍රවාදයක් ලෙස වානර රජුගේ වික්‍රමය සහ ඉන්දියාව බලා යන ගමන හැඳින්විය හැකිය. මෙම කතාව ඇසුරින් 80 දශකයේ සිට මේ දක්වා රූපවාහිනී මාලා නාට්‍ය, වේදිකා නාට්‍ය, කාටූන්, වීඩියෝ ක්‍රීඩා සහ චිත්‍රපට නිර්මාණය වී ඇත. ඉදිරියේ දී තව තවත් නිර්මාණ බිහිවනු ඇතැයි ද පැවැසෙයි.

‘ජර්නි ටු ද වෙස්ට්’ ප්‍රතිනිර්මාණය වී, පුංචි තිරයට පැමිණෙන්නේ ‘නට්ෆ්ලික්’ නාළිකාවේ නිෂ්පාදනයක් ලෙසිනි. ඒ, ඕස්ටේ්‍රලියා සහ නවසීලන්ත සිනමාකරුවන්ගේ එකමුතුවකිනි. මෙම නව කතාමාලාව 2018 වසරේ දී විකාශය වනු ඇත.

මෙම නව රූපවාහිනී කතා මාලාවට දැඩි විරෝධයක් එල්ල වී ඇත්තේ සදා ආදරණීය චීන වීරයන් ‘බටහිරකරණයට’ ලක් කර ඇති බවටය. වානර රජු ඇතුළු සෙසු වීරයන් ලෙස චරිත නිරූපණයේ යෙදෙන්නේ චීන සම්භවයක් ඇති බටහිර නළු නිළියන්ය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS