පුංචි තරුව දැන් ලොකු ළමයෙක්



කරන් ජොහාර් අධ්‍යක්ෂණය කළ ශාරුක් ඛාන්, රානී මුණර්ජී, ප්‍රීති සින්ටා සහ අභිෂේක් භච්චන් ඇතුළු සුපිරි නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවුණු අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක් ලෙස ‘කබි අල්විදා නා කෙහෙනා’ චිත්‍රපටය සැලකෙයි.

‘කබි අල්විදා නා කෙහෙනා’ චිත්‍රපටය තිරගත වූයේ 2006 දීය. චිත්‍රපටයේ ෂාරුක්ගේ පුංචි පුතුගේ චරිතයට පණ පෙව්වේ දැරියකි. ඇය නමින් අහ්සාස් චන්නාය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 4 ක් වූවා පමණක් යැයි ද පැවැසෙයි.

‘කබි අල්විදා නා කෙහෙනා’ චිත්‍රපටය තිරගතවී වසර 13 කට පසු අහ්සාස් චන්නා දැන් 20 හැවිරිදි සුරූපිනියකි. ඇය පසුගිය දා ඇය ලැබූ අත්දැකීම මාධ්‍ය හමුවේ අනාවරණය කළේ මහත් සතුටිනි.
යළි අවස්ථාවක් ලැබෙන්නේ නම්, ඉදිරියේ දී බොලිවුඞ් සිනමා නිර්මාණවලට පෙම්වතියක ලෙස සහභාගී වීමට තමන් ආසාවෙන් පසුවන බව ඇය පවසා ඇත.

(බොලිවුඞ් පුවත් සේවා ඇසුරිනි)

 

 


RECOMMEND POSTS