පැරැණි ගීයට අලුත් රිද්මයක්



බොලිවුඞ් සුරූපිනී ශ්‍රද්ධා කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් පෙම්වතුන් ලෙස එක්වන ‘ඕකේ ජන්නු’ චිත්‍රපටයේ ගීත අතරට ඒ.ආර්. රහුමාන් සංගීතවත් කළ 90 දශකයේ අතිශයින් ජනප්‍රිය වුණු ‘හම්මා හම්මා’ ගීතය ද නව රිද්මයකින් එත් වී ඇත.

ඒ.ආර්. රහුමාන් සංගීතවත් කළ මුල් ගීතය අඩංගු වූයේ 1998 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ බොම්බේ චිත්‍රපටයේය. 

ඕකේ ජන්නු චිත්‍රපයට ‘හම්මා හම්මා’ ගීතය නව රිද්මයකින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ නව පරපුරේ සංගීත නිර්මාණකරු තනීෂ්ක් භාක්චී විසිනි. නව ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ අදහස් පළ කරති. එය මුල් ගීතයට හානියක් යැයි ද ඇතැම්හු කියති. 

ශ්‍රද්ධා කපූර් සහ ආදිත්‍ය රෝයි ‘හම්මා හම්මා’ ගීතයට සරාගී රංගනයක් ද එක් කර ඇති අතර, එම ගීතය මේ වනවිට අතිශයින් ජනප්‍රිය වෙමින් පවතී. ‘ඕකේ ජන්නු’ නව වසරත් සමඟ බොලිවුඞ් ආදර අන්දරයකි.

 

 


RECOMMEND POSTS