ප්‍රියංකාගේ අලුත්ම පිම්ම



බොලිවුඩයෙන් හොලිවුඩය ජයගත් ප්‍රියංකා චොප්රා ලගදී තවත් අලුත් වැඩකට අත ගහලා කියලා බොලිවුඩ් අාරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.

ඒ ඇය තමන් ගේ සැමියා වන ඇමෙරිකා පොප් ගායක නික් ජෝනාස් සහ ඔහු ගේ සහෝදරයින් දෙදෙනා සමග එලි දැක්වූ නවතම ගීතයේ රූප රචනයට රංගනයෙන් එක් වෙමිනි.

2005 වසරින් පසුව නික්  , කෙවින් ⁣සහ ජෝ එකතුව සෑදු ජෝනාස් සහෝදරයෝ (jonas brothers ) නවතම ගීතය වන්නේ suckers ගීතයයි.මෙහි වැඩි හඩ මුසුව ප්‍රියංකා ගේ සැමියා වන නික් විසින් ඉදිරිපත් කරනු ලබයි.ජෝනාස් සහෝදරයෝ සංගීත කණ්ඩායමක් ලෙස ප්‍රචලිත වූයේ හොලිවුඩ්පුරයේ විකාශය වන "ඩිස්නි චැනල් " හරහාය.

ප්‍රියංකාට අමතරව ⁣කෙවින් ගේ සහ ජෝ ගේ පෙම්වතියන් වන හොලිවුඩ් නිලි සොෆියා ටර්නර් සහ ඩැනියෙල් ද එක්වී පවුලේ නිර්මාණයක් ලෙසින් මෙම ගීතය එලි දැක්වී ඇත.මේ නිසාම මෙම ගීතය එලි දක්වා දින තුනක් ගතවීමට පෙර එය යු ටියුබ් ඔස්සේ මිලියන 40 කට වැඩි පිරිසක් නරඹා ඇතැයි ද සදහන් වේ.

තම පවුලේ නිර්මාණයකට තම බොලිවුඩ් නිලි බිරිද වන ප්‍රියංකා එක්වීම ගැන නික් ආඩම්බරයෙන් කතා කරන බවද බොලිවුඩ් වලින් වාර්තා වේ.

( තිළිණි ද සිල්වා )
ටයිම්ස් නව් වෙබ් අඩවිය ඇසුරෙනි


RECOMMEND POSTS