ප්‍රියංකා සරණාගත කඳවුරේ



හොලිවුඩයට අවතීර්ණය වී සිටින, ජනප්‍රිය බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රා බංග්ලාදේශයේ, මියන්මාර මුස්ලිම් සරණාගතයන් රැඳී සිටින සරණාගත කඳවුරක සංචාරය කළාය.

නිළියක පමණක් නොව, ප්‍රියංකා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වෙනුවෙන් විශේෂ තානාපතිවරියක ලෙස ද කටයුතු කරයි. ඇය බංග්ලාදේශ දේශසීමාවේ පිහිටි එම රොහින්ග්‍යා සරණාගත කඳවුරට ගියේ එම වැසියන්ගේ සුවදුක් විමසා බැලීමටය.

මියන්මාරයේ ගැටුම් හේතුවෙන් බෝට්ටු මාර්ගයෙන් බේරී පලා ආ 7,00,000 ක මුස්ලිම් රොහින්ග්‍යා වැසියෝ පිරිසක් මෙම කඳවුරේ ජීවත් වෙති.

බංග්ලාදේශ රජයට ඔවුන් නඩත්තු කිරීම ගැටළුවක් වී ඇත. බංග්ලාදේශය ද මුස්ලිම් රාජ්‍යයකි. එහෙත්, රොහින්ග්‍යා වැසියන් රටට බාර ගැනීම බංග්ලාදේශ රජය ප්‍රතික්ෂේප කර තිබේ.

සරණාගත කඳවුරේ තත්ත්වය ඛේදනීය බවත්, කඳවුරේ සිටින දරුවන් කෙරෙහි ලොව සැමගේ අවදානය යොමු විය යුතු බවත්, ප්‍රියංකා චොප්රා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

ප්‍රියංකා බංග්ලාදේශයේ ඩකා නුවර ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණීයේ, හැරී කුමරු සහ මේගන් මාකල් හෙවත් සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ රාජකීය විවාහ මංගල උත්සවයට සහභාගීවීමෙන් අනතුරුවය. බංග්ලාදේශයට පැමිණි ප්‍රියංකාට, බංග්ලාදේශ රජයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

(ඬේලි ටයිම්ස් ඇසුරිනි)


RECOMMEND POSTS