ප්‍රියංකා විවාහ වෙලා



බොලිවුඞ් සුරූපිනිය ප්‍රියංකා චොප්රා සහ ඇගේ ගායක පෙම්වතා නික් ජෝන්ස් විවාහ ගිවිසගෙන ඇතැයි බටහිර ඕපාදූප වෙබ් අඩවි  වාර්තා කරයි.

ප්‍රියංකාගේ බොලිවුඞ් රසික රසිකාවියන්ට මෙම පුවත මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී ඇත. අතිශය ජනප්‍රිය ‘පීපල් මැගසීන්’ පමණක් නොව ‘ඊ’ සඟරාව පවා මේ බව තහවුරු කර ඇති බව වාර්තා වේ.

තමා සමඟ විවාහ වෙන්නැයි නික් ජෝන්ස් ප්‍රියංකාට ඇරැයුම් කර ඇත්තේ පසුගිය 18 වැනිදා, ප්‍රියංකාගේ 36 වැනි උපන් දිනය දා යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS