ප්‍රියංකා චොප්රාටත් සුබ උපන් දිනයක්



බොලිවුඩය පමණක් නොව, හොලිවුඩය ද ජය ගනිමින්, හොලිවුඞ් නළුවකු, ගායකයකු සහ ගීත රචකයකු ද වන නික් ජෝනාස් සමඟ විවාහවී සිටින ප්‍රියංකා චොප්රා අද (18) සිය 37 වැනි උපන් දිනය සමරයි.

ප්‍රියංකාගේ මව සහ පියා ඉන්දීය හමුදාවේ වෛද්‍යවරුන්ය. ප්‍රියංකාගේ ජීවිතය වෙනස් වී සාර්ථකත්වය කරා ගමන ඇරැඹුණේ ඇයට අවුරුදු 18 ක් වෙද්දීය.

2000 වසරේ දී ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින කිරුල හිමි කර ගැනීමත්  සමඟ ප්‍රියංකාගේ ජීවිතය වෙනස් විය.

ලැබූ ප්‍රසිද්ධියත්, ජනප්‍රියත්වයත් සමඟ ඇය බොලිවුඩයට පිවිසුණේ 2003 දීය. මේ වනවිට ප්‍රියංකා චිත්‍රපට 60 කට වැඩි ප්‍රමාණයක රංගනයෙන් දායක වී ඇත.

ප්‍රියංකා ලොව පුරා කාගේත් අවධානයට ලක් වූයේ ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාවක් වන ‘කොන්ටිකෝ’ හරහාය.

2010 වසරේ සිට ප්‍රියංකා එක්සත් ජාතීන්ලේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයට සම්බන්ධ ඉන්දියාව නියෝජනය කරන විශේෂ තානාපතිනිය ලෙස කටයුතු කරයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS