ප්‍රවීණ නළු කර්ක් ඩග්ලස් සමුගනී



1960 වසරේ ‘ස්පාටකස්’ චිත්‍රපටය හරහා ලොව රසික හදවත් දිනූ කර්ක් ඩග්ලස් ඊයේ (5) දිවියෙන් සමුගත්තේය.

කර්ක් ඩග්ලස්, දශක 6 ක් පුරා හොලිවුඞ් සිනමාවට ලබා දුන් දායකත්වය සදා අමරණීය යැයි හොලිවුඞ් සිනමා විචාරකයෝ පෙන්වා දෙති. කර්ක් ඩග්ලස් දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 106 ක් විය.

කර්ක් ඩග්ලස්, උපන්නේ 1916 නිව්යෝක් නුවරය. ඔහු ජනප්‍රියත්වය කරා ගියේ හොලිවුඩයේ ස්වර්ණමය අවදිය ලෙස සැලකෙන කාලයේය.

ඔස්කාර් සම්මාන රැසකින් පිදුම් ලැබූ කර්ක් ඩග්ලස් පළමු ඔස්කාර් සම්මානය හිමි කර ගත්තේ 1949 ‘චැම්පියන්’ නමැති බොක්සිං ශූරයකු වටා ගෙතුණු චිත්‍රපටය වෙනුවෙනි.

1940 සිට 2000 වසර තෙක් කර්ක් ඩග්ලස් හොලිවුඞ් සිනමා නිර්මාණ 90 කට වඩා රංගනයෙන් දායක වී ඇත.

කර්ක් ඩග්ලස් යනු ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ හොලිවුඩයේ තවත් විශිෂ්ට නළුවකු වන මයිකල් ඩග්ලස්ගේ පියා ය.

(බී.බී.සී.)


RECOMMEND POSTS