ප්‍රකට ගායිකාවට ප්‍රශ්නයක්



එමිරේට්ස් රාජ්‍ය බලධාරීන් කාටාර් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටට ඇතුළු නොවන ලෙසටත්, රටින් පිටවන ලෙසටත් නියෝග කිරීමෙන් පසු ආලම් අලි අල්-ෂැම්පි නොහොත් ආලම් ලෙස ප්‍රසිද්ධියට පත් බහරේන් සම්භවයක් සහිත එමිරේට්ස් ගායිකාව සහ ඇගේ සැමියා වන මුබාරක් අල්-හජීරි අර්බුදයකට මුහුණ දී ඇති බව කුවේට් Al Anba පුවත්පත වාර්තා කළේය.

එමිරේට්ස් රාජ්‍ය බලධාරීන් ප්‍රකාශයට පත් කර ඇති තිරණයන්ට අනුව මුබාරක්ට රටින් පිට වීමට සිදුවන ඇති බවට වාර්තා වන අතර බලධාරීන් මුබාරක් සම්බන්ධයෙන් කුමන තීරණයක් ගනීවිද යන්න තොරතුරු වාර්තා වී නොමැත. 

ගායිකාවගේ සැමියා රටින් පිටුවහල් කරයි ද, එසේ නැත්නම් සැමියා නිදහස් කර ගැනීමට ඇය ඉදිරිපත් වේවිද යන දෙගිඩියාවෙන් විශාල සමාජ ජාලා පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS