පරණ ලොයිස් මැරිලා



70 දශකයේ නිර්මාණය වුණු සුපර් මෑන් චිත්‍රපට මාලාවේ, සුපර් මෑන්ගේ පෙම්වතිය ලොයිස් ලේන් ලෙස රංගනයේ යෙදෙමින්,  ලොව කාගේත් ආදරය දිනූ හොලිවුඞ් නිළි මාග්‍රට් කිඩර් දිවියෙන් සමුගත්තාය.

මියයනවිට ඇගේ වයස අවුරුදු 69 කි. කිඩර් මියගොස් සිටි ඇත්තේ මොන්ටැනා නුවර ඇගේ නිවසේදීය. රූපවාහිනී ටෙලි කතා කිහිපයකටත් චිත්‍රපට කිහිපයකටත් මාග්‍රට් කිඩර් රංගනයෙන් දායක වී ඇත. කෙසේ නමුත් ඇය ලොව කාගේත් අවදානයට ලක් වී සිටින්නේ ලොයිස් ලේන් ලෙසිණි.

1978 වසරේ සුපර් මෑන් චිත්‍රපටයේ සුපර් මෑන් මෙන්ම ක්ලාක් කෙන්ට් ලෙස චරිත නිරූපණය කළේ ක්‍රිස්ටෝපර් රීව්ස්ය. පළමු චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු 1980 දී සුපර් මෑන් 2 චිත්‍රපටය තිරගත විය. ඉන්පසු 1983 සහ 1987 වසරේ තවත් සුපර් මෑන් චිත්‍රපට දෙකක් තිරගත වුවත් ඒවා සාර්ථක නොවිණි. අදටත් ජනප්‍රිය පළමු සහ දෙවැනි සුපර් මෑන් වික්‍රම පමණි.

අසු පිට යමින් සිටිද්දී වැටී, කොඳු ඇට පෙළට හානි වීමෙන් සිරුර අප්‍රාණික වුණු ක්‍රිස්ටෝපර් රීව්ස් වසර නවයක් එක්තැන් වී සිටියේය. ඔහු දිවියෙන් සමුගත්තේ 2004 වසරේදීය.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS