පනස්වැනි කඩඉම පසුකළ මිලියනයක් වටිනා සිනාහාවේ හිමිකාරිය !



මිලියනයක් තරම් වටිනා සුන්දර සිනහවකට හිමිකම් කියන බොලිවුඩයේ සුපිරි තාරකාවක් ඉකුත්දා සිය ජීවිතයේ පනස්වැනි කඩඉම පසුකළාය.

ඇය නමින් මධුරි ඩික්සිත්ය.පනස් වැනි වසර සැපිරෑ ඇයට බොලිවුඩයේ අනෙකුත් නළු නිළියන් ඉන්ස්ට්‍රග්‍රෑම් ,ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවි ඔස්සේ උපන්දින සුබ පැතුම් හා  දීර්ඝායු පැතීමට අමතක නොකළහ.

විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ  සිය සමකාලීන අය වූ ජුහී චව්ලා ,අනිල් කපූර් ,ජැකී ෂ්රොෆ් , ඒ අතරින් විශේෂයයි.ඊට අමතරව තරුණ සිනමා තාරකාවන් වන අදිති රාඕ හයාද්‍රි ,කරන් වාහි ,රාගිනි කන්නා ද මධුරිට සුබ පැතුම් එක් කළ අය අතර වේ.

1967 මැයි 15 වැනිදා උපන් මධුරි උපතින් සුන්දර යුවතියක වූ අතර ඇය අසූව දශකයේ මැද භාගයේදී ආබෝද් හින්දි චිත්‍රපටය හරහා  හින්දි සිනමාවට පිවිසියාය.

එදා සිට මේ දක්වා රාම් ලකඛන් ,දිල් ,බේටා ,හම් ආප් කේ හේන් කෝන් ,දිල් තෝ පාගල් හේ , දේව්දාස් ඇතුළු වානිජ හා සම්භාව්‍ය චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක විවිධ චරිත නිරෑපනයෙන් හා නර්තනයෙන් දක්ෂතා දැක්වූයේ  ඉන්දියාවේ මෙන්ම ලොව වටා රසිකයින්ගේ හිත් ඇඳ බැඳ ගනිමි. 

දැනට තරමක් බොලිවුඩ් චිත්‍රපට රංගනයෙන් ඈත්ව සිටින මධුරි තවමත් නර්තනයේන් ඈත්ව නොමැති අතර තමාගේම නර්තන ඇකඩමියක් පවත්වාගෙන යන්නේ සිය පුතනුවන් දෙදෙනා සහ දොස්තර සැමියා වෙනුවෙන්  යුතුකම් ඉටු කරමිනි.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි...

 



RECOMMEND POSTS