පද්මාවතීට බ්‍රිතාන්‍යයේ කැමැත්ත



ඉන්දියාව තුළ දැඩි මතබේදයකට ලක්ව ඇති සංජේ ලීලා බන්සාලිගේ “පද්මාවතී” චිත්‍රපටය බ්‍රිතාන්‍යය තුළ ප්‍රදර්ශනය කිරීමට එරට බලධාරීන් අවසර ලබාදී තිබේ.
 
බ්‍රිතාන්‍ය චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලය විසින් ඒ සඳහා අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ඉන්දියාව තුළ චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර හිමිවන තුරු එය බ්‍රිතාන්‍ය සිනමා ශාලාවල ප්‍රදර්ශනය නොකරන බව “පද්මාවතී” චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ප්‍රකාශ කර තිබේ.

පද්මාවතී චිත්‍රපටය ඉතිහාස කතාව විකෘති කර ඇති බවට චෝදනා කරන විවිධ කන්ඩායම් වල විරෝධය හේතුවෙන් එම චිත්‍රපටය නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට හටගෙන  ඇත්තේ දැඩි ගැටලුකාරී තත්වයකි.
 
රුපියල් කෝටි 190ක වියදමින් නිෂ්පාදනය කෙරුණු පද්මාවතී චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක්ම ප්‍රතික්ෂේප කර ඇති අතර චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන දීපිකා පදුකෝන් හට මරණ තර්ජනද එල්ල වී තිබෙනවා.

(තිළිණි ද සිල්වා)
ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි


RECOMMEND POSTS