පද්මාවතී ගැන කටකතාවලට ෂහීඩ් කපූර් පිලිතුරු දෙයි



සන්ජේ ලීලා බන්සාලිගේ අලුත්ම චිත්‍රපටය Padmavati  ගැන බොලිවුඩයේ  කාගේත් අවධානය යොමු වෙලා. ඒ මෙහි ප්‍රධාන චරිත රග දක්වන රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් අතර ඇතිවෙලා යැයි කියන විරසකය ගැන..මේ ගැන පැතිරෙන කටකතා නිසා නිවැරදි යමක් පවසන්න ෂහීඩ් කපූර් තීරණය කරලා. ඔහුත් එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. Padmavati චිත්‍රපටයට රංගනයට ෂහිඩ් සමඟින් දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං දායක වෙනවා.

“බොහෝ දෙනෙක් කියන්නේ මේ චිත්‍රපටය වීරයන් දෙදෙනෙකුගේ චිත්‍රපටයක් කියලයි. මම අවසන් වරට ‘Udta Punjab’  චිත්‍රපටයෙත් වීරයන් දෙදෙනෙකු සහ වීරවරියන් දෙදෙනෙකු සිටියා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. මේක අපි තුන් දෙනාටම හොඳ අවස්ථාවක්. දීපිකාටත් රන්වීර්ටත් ලැබිලා තියෙන්නේ හොඳ චරිත. මට ලැබුණෙත් අගනාම චරිතයක්. ඒනිසා මේ චරිතය වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනවා” ෂහීඩ් පැවසුවේ එලෙසිනි.මෙය ෂාහීඩ් බන්සාලිගේ චිත්‍රපටයක රගපාන ප්‍රථම අවස්ථාව වේ..

පද්මාවතී චිත්‍රපටය බන්සාලි අනෙක් සිනමා නිර්මාණ වගේම ඉන්දියාවේ තවත් ඓතිහාසික කතාවක් ඇසුරෙන් නිර්මාණ කෙරැණු එකක්.එම චිත්‍රපටයේදී දීපිකා චිතෝර්හි පද්මිණි රැජන ලෙසත්, රන්වීර් කිල්ජි වංශයේ දෙවන සුල්තාන් අලවුදීන් කිල්ජි ලෙසත් ෂහීඩ් රණා රාවල් රතන් සිං ලෙසත් චරිත නිරූපණය කරනවා. පද්මිණි රැජන ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථානයේ චිතෝර්හි සිදුවන හමුදා මෙහෙයුමක් පිළිබඳ කතාවක් මෙහි කියවෙනවා. මෙම මෙහෙයුම මෙහෙයවන්නේ අලවුදීන් කිල්ජි විසින්.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි........

 

 


RECOMMEND POSTS