නොබෙල් ත්‍යාගලාභිනිය පක්ෂයෙන් නෙරපයි



නොබෙල් ත්‍යාගලාභිනි තවක්කොල් කර්මාන් පක්ෂයෙන් ඉවත් කිරීමට යේමනයේ ඉස්ලාමීය පක්ෂය තීරණය කර තිබේ.

යේමනයේ ඉස්ලාමීය පක්ෂය ජනාධිපති අබ්ද් රාබු මන්සූර් හාදිට සහාය දක්වන අතර තවක්කොල් කර්මාන් ජනාධිපතිවරයා විවේචනය කිරීමත් සමඟ ඇය පක්ෂයෙන් ඉවත් කිරීමට යේමනයේ ඉස්ලාමීය පක්ෂය කටයුතු කළේය.

ජනාධිපති අලි අබ්දුල්ලා බලයෙන් ඉවත් කිරීමට හේතු වූ ‘අරාබි වසන්තය’ විරෝධතා මාලාවේදී කරන ලද කාර්යභාරය වෙනුවෙන් කර්මාන් 2011 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය.

මෑතක සිට ඇය දිගින් දිගටමත් ජනාධිපතිවරයාත් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් විවේචනය කළේය. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යේමනය දෙකඩ කිරීමට උත්සාහ කරන බවට ඇය පසුගිය කාලයේදී දිගින් දිගටම චෝදනා කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS