නිර්භය කෙල්ලගේ වික්‍රමය



‘ලාරා ක්‍රොෆ්ට්: ටූම්බ් රේඩර්’ නොදන්නා කෙනෙක් ලොව නැත. ‘ලාරා ක්‍රොෆ්ට්: ටූම්බ් රේඩර්’ යනු ‘ලාරා ක්‍රොෆ්ට්’ නමැති තරුණියගේ වික්‍රමය. මෙය කරළියට පැමිණියේ වීඩියෝ ක්‍රීඩාවක් ලෙසිනි. වීඩියෝ ක්‍රිඩාව අදටත් ප්‍රති නිර්මාණය වෙමින් පවතින අතර එය ද අතිශයින් ජනප්‍රියය.

මීට පෙර ද ලාරා ක්‍රොෆ්ට්ගේ චරිතය පාදක කර ගනිමින් සිනමා නිර්මාන දෙකක් තිරගත විය. එම චිත්‍රපටවල ලාරා ක්‍රොෆ්ට්ගේ චරිතයට පණ දුන්නේ ඇන්ජොලීනා ජෝලී ය. මෙම නවතම චිත්‍රපටයේ ලාරා ක්‍රොෆ්ට්ගේ චරිතයට පණ දෙන්නේ අලිසියා වකන්දර්ය.

‘ලාරා ක්‍රොෆ්ට්’ යනු ධනවත් ව්‍යාපාරිකයකු මෙන්ම පුරාවස්තු ගවේෂකයකු ද වන රිචඞ් ක්‍රොෆ්ට් ආදිපාදවරයාගේ දියණියයි. ගවේෂණ චාරිකාවකදී රිචඞ් ක්‍රොෆ්ට් අතුරුදන් වෙයි.

පියාට  සිදුවූයේ කුමක්දැයි සොයමින් ලාරා ඔහු සොයා වික්‍රමයක යෙදෙයි. එහිදී ලාරාට සිත්පිත් නැති ‘ටි්‍රනිටි’ සංවිධානය සමඟ ගැටීමට සිදුවෙයි. නවතම ලාරා ක්‍රොෆ්ට් චිත්‍රටයේ කථාව වන්නේ එයයි.

‘ලාරා ක්‍රොෆ්ට්’ රෝ උතෝග්ගේ අධ්‍යක්ෂණයකි. ක්‍රිස්ටීන් ස්කොට් තෝමස්, ඩැනියෙල් වූ, ඩොමිනික් වෙස්ට්, වෝල්ටන් ගොගින්ස් ආදීහු චිත්‍රපටයට එක් වී සිටිති. ‘ලාරා ක්‍රොෆ්ට්’ ක්‍රියාදාම පිරි වීර වික්‍රමයක් වන අතර ලබන මාර්තු 16 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.


RECOMMEND POSTS