නැන්සි පෙලොසි ට අකරතැබ්බක්



ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකාව මෙන්ම ඩිමොක්‍රටික් පාක්ෂිකාවක ද වන නැන්සි පෙලොසිගේ කාර්යාලයේ තිබූ ලැප්ටොප් පරිගණකයක් අස්ථානගත වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහාය පළ කරන කලහකාරී පිරිසක් ඇමෙරිකානු කොංග්‍රසය පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ඉකුත් දා (6) කඩාවැදුණාහ.

ඇමෙරිකානු කොංග්‍රසය මණ්ඩල දෙකකින් සමන්විත ය. පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වන අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලය සෙනට් සභාව වේ.

එම මණ්ඩල, එනම් කොංග්‍රසය පිහිටි කැපිටල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ය.

එම කලහකාරී පිරිස කඩාවැදුණ අවස්ථාවේ මෙම ලැප්ටොප් පරිගණකය නැති වී ඇතැයි නැන්සි පෙලොසිගේ නිලධාරියෙකු පවසා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පැවැසීම හෙතෙම ප්‍රතික්ෂේප කළේ යැයි ද පැවැසෙයි.

රොයිටර්


RECOMMEND POSTS