නළු ටොම් හෑන්ක්ස්ට කොරෝනා



ඔස්කාර් සම්මානලාභී ජනප්‍රිය හොලිවුඞ් නළු ටොම් හෑන්ක්ස් සහ බිරිඳ රීටා විල්සන්ට ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

හෑන්ක්ස් සහ විල්සන් දෙදෙනා 63 හැවිරිදි වියෙහි පසුවෙති. යුවලට ‘කෝවිඞ් 19’ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ ඕස්ටේ්‍රලියාවේදීය. තමන් සහ බිරිඳට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, වෛද්‍ය උපදෙස් මත දෙදෙනා නිරෝධායනයට ලක් වී සිටින බවත් ටොම් හෑන්ක්ස් පවසා ඇත්තේ සිය ඉන්ට්‍රගෑම් ගිණුම හරහාය.

ඇමෙරිකන් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය වන අතර එහි රූගත කිරීම් සිදුවන්නේ ඕස්ටේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ය. ටොම් හෑන්ක්ස්, චිත්‍රපටයට දායක වන්නේ එල්විස් ප්‍රෙස්ලිගේ කලමණාකරුගේ චරිතයට පණ පොවමිනි. ටොම් හෑන්ස් සහ බිරිඳ ගෝල්ඩ් කෝස්ට් නුවර ගොස් සිටියේ එහෙයිනි.

ටොම් හෑන්ක්ස් සහ බිරිඳ රෝගී වීමත් සමඟ චිත්‍රපටයේ වැඩ කටයුතු නවතා දැමුණු බව ද පැවැසෙයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඕස්ටේලියානු අධ්‍යක්ෂවරයකු වන බෙස් ලුහ්රමන් ය.

ටොම් හෑන්ස්ගේ බිරිඳ රීටා විල්සන් ද නිළියකි. ඇය වඩාත් ජනප්‍රිය ගායිකාවක ලෙසය. ඕස්ටේලියාවට ගොස් සිටිද්දී රීටා විල්සන් එම්පෝරියම් හෝටලයේත්, සිඞ්නි ඔපෙරා රඟහාලේත් සන්දර්ශන පවසා ඇත. එම සංදර්ශන නැරැඹීමට බොහෝ දෙනකු පැමිණ ඇති බව ද පැවැසෙයි.

සිඞ්නි නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS