නළු ඉයන් හෝම් රඟමඩලට සමුදෙයි



අවසන් රංගනය - ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවල බිල්බෝ බැගින්ස් ලෙස

වේදිකාව මෙන්ම රිදී තිරය ද ජයගත් නළුවකු ලෙස ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික නළු ශ්‍රීමත් ඉයන් හෝම් ඊයේ (19) දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 88 කි.

ඉයන් හෝල් පාකින්සන් රෝගියයකු වූ බවත්, අවසන් සුසුම් හෙලන අවස්ථාවේ ඔහු ඔහුගේ නිවසේ පවුලේ සාමාජිකයන් සමඟ සිටි බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ 'ඒලියන්' චිත්‍රපටයේ

ඉයන් හෝම්, වඩාත් ජනප්‍රිය වූයේ සහාය නළුවකු ලෙසය. ඉයන් හෝම් අවසන් වරට රසික හදවත් දිනා ගත්තේ ලෝඩ් ඔෆ් ද රිංග්ස් සහ හොබිට් චිත්‍රපට මාලාවේ බිල්බෝ බැගින්ස්ගේ චරිතයට පණ දෙමිනි‍.

වේදිකා නළුයකු ලෙස නමක් දිනාගත් හෝම්ගේ හොලිවුඩයට පිවිසියේ 1979 වසරේ 'ඒලියන්' විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය හරහාය. මෙම චිත්‍රපටයේ ඈෂ් නමැති නපුරු මිනිස් රොබෝ ලෙස චරිත නිරූපණය කළේ හෝම් ය.

1994 දී ඉයන් හේම්, 'මෑඩ්නස් ඔෆ් කිං ජෝජ්' චිත්‍රපටයේ විලිස් වෛද්‍යවරයා ලෙස කළ රංගනය අති විශිෂ්ඨ යැයි සිනමා විචාරකයෝ අවිවාදයෙන් පිළිගනිති.

'ද ෆිෆ්ත් එලෙමන්ට්' චිත්‍රපටයේ බෲස් විලිස් සහ මිල්ලා ජෝවෝවිච් සමග

'ද ෆිෆ්ත් එලෙමන්ට්', 'චැරියට් ඔෆ් ෆයර්', 'ඒවියේටර්', 'ද ස්වීට් හියර් ආෆ්ටර්', 'එම්පරර්ස් නිව් ක්ලෝත්ස්', 'ලෝඩ් ඔෆ් වෝර්' යනු ඉයන් හෝම් සහාය නළුවකු ලෙස එක් වුණු අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට කීපයකි.

(බීබීසී)


RECOMMEND POSTS