නවසීලන්ත අගමැතිනියට අලුත් පදවියක්



නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්ට, මවු පදවිය හිමිවී ඇතැයි නවසීලන්ත පුවත් සේවා වාර්තා කරයි.
උපත ලැබුවේ බිලිඳියක බවත්, ඇය කිලෝ ග්‍රෑම් 3.31 ක් බර දැරියක බවත් පැවැසෙයි. 37 හැවිරිදි අගමැතිනී ජැසෙන්ඩා විවාහක නැතැත්තියක නොවෙයි. ඇය ජීවත් වන්නේ ක්ලාක් ගේෆෝඞ් සමඟය.

අගමැතිනී ජැසෙන්ඩා, ඕක්ලන්ඞ් රෝහලට ඇතුළත් කෙරුණු බවත්, එහිදී ඇය දරු ප්‍රසූතිය සිදු කළ බවත් නවසීලන්ත මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.

සති කිහිපයක් තම සිඟිති දියණිය සමඟ රැඳී සිටීමට සිදුවන බැවින්, රාජකාරි කටයුතු නියෝජ්‍ය අගමැති විනිස්ටන් පීටර්ස් වෙත පවරා දීමට කටයුතු කරන බව ද අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්, කල් තියා දැනුම් දී ඇත. කෙසේ නමුත් වැදගත් සිදුවීමක් සිදුවුවහොත්, තමා වහා ඊට මැදිහත් වන බව ද අගමැතිනිය අවධාරණය කර ඇත.

දරු ප්‍රසූතිය සිදුවුණු බව සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ නවසීලන්ත වැසියන්ගෙන් පමණක් නොව, නවසීලන්තයේ හිටපු අගමැතිවරියක වන හෙලන් ක්ලාක්ගෙන් පවා ජැසෙන්ඩාට සුබ පැතුම් ලැබුණු බව ද වාර්තා වේ.

(බී.බී.සී)


RECOMMEND POSTS