නයිපෝල් සමුගනී



නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ නවකතාකරු ශ්‍රීමත් විදිදහාර් සුරාජ් ප්‍රසාද් නයිපෝල් පෙරේදා (11) දිවියෙන් සමුගත්තේය.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 85 කි. නයිපෝල් උපත ලැබුවේ බටහිර කොදෙව් රාජ්‍යයක් වන ටි්‍රනිඩෑඞ්හිදීය. මොහු ඉන්දීය සහ කැරිබියානු සම්භවයක් ඇත්තෙකි. අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී නයිපෝල් ජීවත් වූයේ ලන්ඩනයේ ඔහුගේ නිවසේය.

නයිපෝල් නවකතා 30 කට වැඩි ප්‍රමාණයක් රචනා කර ඇති අතර, ඒ අතරින් කැපී පෙනෙන්නේත්, සම්මානයට පාත්‍ර වූයේත් ‘අ බෙන්ඞ් ඉන් ද රිවර්’ සහ ‘අ හවුස් ෆෝ මිස්ටර් බිස්වාස්’ යැයි විචාරකයන්ගේ අදහස වෙයි.

අප්‍රිකාවේත් ආසියාවේත් කළ සංචාර ඔහුගේ නිර්මාණවලට පාදක වී ඇත. වී.එස්. නයිපෝල් නයිට් පදවියෙන් පිදුම් ලැබුවේ 1990 වසරේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS