දෙවැනි මනාලිය ප්‍රියංකා



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්ගේ මංගල උත්සවය ලබන මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර එහි දෙවැනි මනමාලියක වනු ඇත්තේ බොලිවුඞ් සුරූපිනී ප්‍රියංකා චොප්රා බවට රාවයක් පැතිර යමින් පවතී.

ඇමෙරිකන් ටෙලි නිළි 33 හැවිරිදි මේගන් ලොව පුරා ජනප්‍රිය වී සිටින්නේ ‘සූට්ස්’ නමැති කතාමාලාව හරහාය. මෙම කතා මාලාවේ රූගත කිරීම් සිදුවන්නේ කැනඩාවේ ටොරෙන්ටෝ නගරය ආශ්‍රිතවය.

ප්‍රියංකා චොප්රා බොලිවුඩයේ පමණක් නොව හොලිවුඩයේ ද ජනප්‍රිය තරුවකි. ඇය ‘කොන්ටිකෝ’ නමැති රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නීය. මෙම කතා මාලාව ද රූගත කෙරෙන්නේ ටොරෙන්ටෝ නුවරය.

දෙදෙනා එකිනෙකා හඳුනා ගනිමින් මිතුරු වී ඇත්තේ ඒ අනුවය. මේ වනවිට මේගන්ගේ හොඳම යෙහෙළිය වන්නේ ප්‍රියංකාය. එහෙයින්, ප්‍රියංකාට මේගන්ගේ දෙවැනි මනාලිය වීමට අවස්ථාවක් උදාවිය හැකි බව බොලිවුඞ් ඕපාදූප පුවත් සේවා වාර්තා කරයි.

(වෙබ් පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS