දීපිකාගේ ට්‍රිපල් එක්ස් රංගනය ගැන පැහැදීමක් නැතිලු



 

කවුරුත් පුලපුලා බලා සිටින වින් ඩීසල් සහ බොලිවුඞ් සුරූපිනී දීපිකා පදුකෝන් චරිත නිරූපණය කරන ‘ටි්‍රපල් එක්ස්: රිටර්න් ඔෆ් සෙන්ඩර් කේජ්’ ක්‍රියාදාම හොලිවුඞ් චිත්‍රපටය පසුගිය දා පළමුවෙන්ව ඉන්දියාවේ තිරගතවීම් ආරම්භ කළේය.


මෙය 30 හැවිරිදි බොලිවුඞ් සුරූපිනී දීපිකාගේ පළමු හොලිවුඞ් ආගමනයයි. චිත්‍රපටයේ මංගල දර්ශනය නැරැඹූ ඉන්දීය සිනමා විචාරකයන් බොහෝ දෙනකු චිත්‍රපටය ගැනත් දීපිකාගේ රංගනය ගැනත් පැහැදීමකින් තොරව කතා කරන බව පෙනෙයි.


බොහෝ ඉන්දීය සිනමා විචාරකයන් පවසා ඇත්තේ තමන් අපේක්ෂා කළ තරමේ රංගනයක් දීපිකාගෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. 

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)


RECOMMEND POSTS