දීපිකා ඇසඩ් වැදුණු තරුණියකගේ චරිතයකට



සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පද්මාවත් චිත්‍රපටයෙන් අනතුරුව තවමත්  කිසිදු නිර්මාණයකට දායක වුනේ නැහැ. ඒ ඇය විවාහයත් සමග කියලයි බොලිවුඩ් වලින් ආරංචි වෙන්ටන්.

 
මෑතකදි ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඇය පවසා සිටියේ ඇය මේඝනා ගුල්සාර් අධ්‍යක්ෂවරිය සමග Chhapaak නමැති චිත්‍රපටය වෙනුවෙන් ගිවිසුම්  අත්සන් කර ඇති බවය.
 
 සත්‍ය කතාවක් පාදක කොටගෙන නිර්මාණය වන චපාක්හි දීපිකා නිරූපණය කරන්නේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ ලක්ෂ්මි අග්‍රවාල් නමැති තරුණියගේ චරිතය සදහා බවද කියැවෙනවා.

මේවන විට දීපිකා එම චරිතය වෙනුවෙන් සූදානම් වීම සදහා ලක්ෂ්මි අග්‍රවාල් සමග දින කීපයක් ගත කළ බවත් චිත්‍රපටයේ දීපිකා ස්වරූප තුනකින් දැකගත හැකිවන බවත් මේඝනා ගුල්සාර් විසින් සදහන් කර තිබුනා .

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි .

RECOMMEND POSTS