දියණිය නිසා සනී සතුටින්



අවුරුදු දෙකක් වයසැති තම නව දියණිය නීෂා නිසා තමා දැන් වෙනදාටත් වඩා සතුටින් කාලය ගත කරන බව බොලිවුඞ් සරාගිනී සනී ලියොන් පවසයි.

සනී ලියොන් සහ සැමියා ඩැනියෙල් වෙබර් නීෂා නමැති එම දියණිය දරුකමට හදා ගැනීමට ඉදිරිපත් වූයේ මීට දින කිහිපයකට පෙරය.

අවුරුදු දෙකක් වයසැති දියණිය හුරුබුහුටි බවත්, ඇය සමඟ කාලය ගත කිරීම තරම් වටිනා දෙයක් තමන්ට තවත් නොමැති බවත් සනී ලියොන් පවසයි.

දියණිය නිසා රංගන කටයුතු පවා සීමා කිරීමට තමන් තීරණය කර ඇතැයි ද සනී ලියෝන් වැඩිදුරටත් පවසා ඇත.
තමා සහ තම සැමියා නීෂා නමැති අවුරුදු දෙකක් වයසැති දියණියක දරුකමට ගන්නා බව සනී ලියොන් නිවේදනය කළේ ට්විටර් පණිවුඩයක් ඔස්සේය.

දියණියගේ නම නීෂා කරන් වෙබර් යනුවෙන් ද නම් කෙරුණි. නීෂා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලතූර්හි දැරියක යැයි ද පැවැසෙයි.

සනී ලියොන් සහ ඩැනියෙල් වෙබර් විවාහ වූයේ 2011 වසරේදීය. නීෂා ඔවුන්ගේ පළමු දරුවා ද වෙයි.

දියණිය නීෂා හදා ගැනීමට සනී ලියෝන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන්, බොලිවුඞ් තරු පමණක් නොව සනී ලියොන්ගේ රසික රසිකාවියන් පවා ඇයට සුබ පතා ඇතැයි බොලිවුඞ් පුරයෙන් වාර්තා වේ.

සනී ලියොන් සහ සැමියා මෙසේ මාපිය සෙනෙහස අයිමි දැරියකගේ මාපියන් වීම උතුම් ක්‍රියාවක් යැයි ලැබෙන සුබ පැතුම්වල වැඩිදුරටත් සඳහන් වෙයි.

(එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS