දමිළ ප්‍රහසන නළු විවේක් සමුගනී



දමිළ සිනමාවේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය ප්‍රහසන නළු විවේක් චෙන්නායි නුවර රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 59 කි.

හෘදයාබාධයකට ලක්වීමෙන් පසු සිහිසුන් වී රෝහල්ගත කළ විවේක් ඊයේ (17) උදෑසන 11 ට දිවියෙන් සමුගත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා විවේක්, කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන එන්නතේ පළමු මාත්‍රාව ප්‍රසිද්ධියේ ලබා ගත්තේය. ඒ, එන්නත ලබා ගන්නැයි තමිල්නාඩු වැසියන් උනන්දු කරවමිනි.

කෙසේ නමුත් මරණ සිදුවූයේ එන්නත ලබා ගැනීමෙන් පසු සිදුවුණු සංකූලතාවක් නිසා නොවන බව වෛද්‍යවරුන් පැහැදිලි කර ඇත.

ප්‍රහසන නළු විවේක්ගේ අභාවය වාර්තා වීමත් සමග තමන් දැඩි කම්පානට පත්වුණු බව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS