දන්ගාල් නිළියට කරදරයක්



අතිශය ජනප්‍රිය ‘දන්ගාල්’ බොලිවුඞ් සිනමා නිර්මාණයට දායක වුණු යොවුන් නිළි 17 හැවිරිදි සයිරා වසීම් අකරතැබ්බකට මුහුණ පා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

දිල්ලි සිට මුම්බායි බලා ගුවන් යානයකින් ගමන් කරමින් සිටිද්දී, තමා අසල සිටි පිරිමියකු තමාට ලිංගික හිරිහැර කිරීමට උත්සහ කළේ යැයි සයිරා චෝදනා කර ඇත. ඇය මේ බව පොලිසියට දන්වා ඇති අතර, ඒ ගැන පරීක්ෂණයක් ද පැවැත්වෙයි.

එම අවස්ථාවේ සයිරා වසීම් ගමන් කරමින් සිට ඇත්තේ ‘එයාර් විස්තාරා’ ගුවන් සේවයට අයත් යානයකි.

සයිරා අසුනේ වාඩි වී අඩ නින්දේ පසුවුණු බවත්, එම අවස්ථාවේ ඇය අසල පිටි පිරිමියා ඇගේ පාද සහ සිරුර ස්පර්ශ කිරීමට උත්සාහ කළ බවත් වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS