තවත් පෙරැළිකාර චිත්‍රපටයක්: ආදායි



ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ආදායි’ (ඇඳුම) දමිළ චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය මේවනවිට අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. චිත්‍රපටයේ ප්‍රධාන නිළිය අමාලා පෝල් ය.

පූර්ව ප්‍රචාරක පටයත් සමඟ අමාලා ගැන ද සමාජ ජාල ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, ඇයගේ නිරුවත් රංගනය හේතුවෙනි.

‘ආදායි’ පූඒව ප්‍රචාරක පටය සම්බන්ධයෙන් බොලිවුඩ් සිනමාකරු කරන් ජොහාර් සතුට පළ කර ඇත. ‘ආදායි’ තවත් පෙරැළිකාර චිත්‍රපටයක් වෙනවාට සැකයක් නැහැ යැයි කරන් ජොහාර් වැඩිදුරටත් පවසා තිබේ.

අමාලා පෝල් දමිළ, තෙලිඟු, මලයාලම් සිනමා නිළියකි. ‘මයිනා’, ‘රන් බේබි රන්’, ‘වාදා චෙන්නායි’ සහ ‘වී.අයි.පී.2’ වැනි චිත්‍රපට හරහා ජනප්‍රිය නිළියක බවට පත් වී සිටින්නීය.

පූර්ව ප්‍රචාරක පටය නැරැඹීමට - https://www.youtube.com/watch?list=RDgd6E2XgRoww&v=gd6E2XgRoww


RECOMMEND POSTS