තමන්නාටත් කෝලිටත් නඩු



ක්‍රීඩා ප්‍රවර්ධනයට බව පවසමින්, අන්තර් ජාලය හරහා මුදල් ඔට්ටු තැබීමට ජනතාව උනන්දු කරවනවා යැයි චෝදනා කරමින් ජනප්‍රිය දෙමළ සහ තෙලිගු නිළි තමන්නා සහ ඉන්දීය ක්‍රිකට් පිළේ නායක විරාත් කෝලිට එරෙහිව ඉන්දීය අධිකරණයක නඩුවක් ගොනු කර තිබේ.

නඩුව ගොනු කර ඇත්තේ සූර්ය ප්‍රකාශ් නමැත්තා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අන්තර් ජාල හරහා ඔට්ටු තබා, මුදල් අහිමි වූ චෙන්නායි තරුණයකු පසුගිය දා දිවි නසා ගත්තේය.

ඔට්ටු තැබීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් හටගත්තේ එම සිදුවීමෙන් පසුවය. බොහෝ දෙනකුගෙන් තමන්නාටත් කෝලිටත් විරෝධයක් එල්ල වීමට පටන් ගත්තේ ඒ අනුවය.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS