ඩුප්ලිකේට් මෙසී !



ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ලොව පුරා බාල මහලු කා අතරත් ජනප්‍රිය තරුවකි.

මෙසී ගේ හැඩරුවට අතිශය සමාන රුවක් හිමි තරුණයෙකු පිළිබඳ ඉරානයෙන් වාර්තා වේ.ඉරානයේ හැමඩන් නගරයේ වෙසෙන බොහෝ දෙනෙකු රේසා පරස්ටෙෂ් සමග හිඳ ඡායාරූපයක් ගැනීමට කැමැත්තක් දක්වති.

ඡායාරූපයක් ගැනීම සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් සති අන්තයේ ඔහුට පොලිසියේ සහාය පැතීමට පවා සිදු විය.කලබලකාරී වාතාවරණය පාලනය කර ගැනීම සඳහා රේසා ගේ මෝටර් රථය සිය භාරයේ තබා ගැනීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ

මේ සියල්ලට මුල් වූයේ අංක 10 මුද්‍රිත බාසිලෝනා ටී ෂර්ටයක් ඇඳ රේසා මීට මාස කිහිපයකට පෙර ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුවය.විසි පස් හැවිරිදි රේසා ආර්ජන්ටිනා පාපන්දු තරුව අනුකරණය කරමින් සිය කොණ්ඩය සහ රැවුල සකස් කිරීමට හුරු විය.\

"දැන් මිනිස්සු මට සලකන්නේ ඉරානේ මෙසීට වගෙයි. මෙසී කරන හැම දෙයක්ම මම අනුකරණය කරනවා දකින්න ඔවුන්ට අවශ්‍යයි. මාව කොහෙදි හරි දැක්කම මිනිස්සු පුදුම වෙනවා" යනුවෙන් රේසා AFP පුවත් සේවය වෙත පැවසීය."මාව දැක්කම ඔවුන්ට සතුටක් දැනීම ගැන මම සන්තෝස වෙනවා. ඒ සතුට මට ශක්තියක් ලබා දෙනවා"

මාධ්‍ය ආයතන වෙත සම්මුඛ සාකච්ඡා ලබා දීම සඳහා ඔහුගේ කාලය සම්පුර්ණයෙන් වෙන් වී ඇති අතර ඔහු මේ වන විටත් නිරූපන ක්ෂේත්‍රයේ ගිවිසුම් කිහිපයකට අත්සන් තබා අවසන්.

වඩාත් හොඳින් මෙසී අනුකරණය කිරීම සඳහා තමන් පාපන්දුවෙන් පෑ හැකි විශේෂ දස්කම් පුහුණු වෙමින් සිටින බවත් රේසා පරස්ටෙෂ් වැඩිදුරටත් කියා සිටී

මෙම ඡායාරූපයේ සිටින්නේ සැබෑ මෙසී ය.

තිළිණි ද සිල්වා
(බී.බී.සී.)


RECOMMEND POSTS