ටොම් කෘස් අබුඩාබියේ



සුපිරි හොලිවුඩ් නලු ටොම් කෘස් රගන නවතම චිත්‍රපටය වන ‘‘ මිෂන් ඉම්පොසිබල් 6 - ෆෝල් අවුට් ‘‘ චිත්‍රපටයේ රූගත කිරීම් එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරදී සිදු කෙරෙන බව වාර්තාවේ.

ඉකුත් පෙබරවාරි 23 වැනිදා අබුඩාබි නුවරදී සිදු කෙරුණු අතර එය තවදුරටත් සනාථ කරමින් ටොම් කෘස් විසින් ඊයේ (07) දිනයේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තැබීමටද කටයුතු කර තිබිණි.

  ‘‘ අබුඩාබියේ සිටින සියලු දෙනාටම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම ලබා දුන් උදව් සහ සහයෝගීතාවයද අගය කරනවා.ඒවගේම අබුඩාබියේ සිදු කෙරැණු චිත්‍රපටයේ රෑගත කිරීම් අපූර්ව අත්දැකීමක් එක් කර දුන් බවද ටොම් කෘස් සිය ට්විටර් සටහනින් කියා තිබිණි.

කෙසේ වෙතත් නවතම චිත්‍රපටයේ රෑගත කෙරැණු දර්ශණ හෝ දර්ශන තල මොනවාද යන්න මෙතෙක් හෙලී වී නැත.

මේ අතර චිත්‍රපටයේ රෑගත කිරීම් අතර තුර ටොම් කෘස් අබුඩාබියේ සංචාරයේ නිරත වීමටද අමතක නොකළ අතර ඔහු එමිරේටයේ තිබෙන ෆැල්ක් හොලිකොප්ටර් සේවාවට අයත් හෙලිකොප්ටරයකින් ගුවන් සංචාරයක නිරත වූ බවද වාර්තාවේ.

ටොම් කෘස්  රගන මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ හතරවැන්න වන ගොස්ට් ප්‍රෙටෝකෝල් චිත්‍රපටය 2010 වසරේදී එමිරේටයේ ඩුබායි මුල් කර ගෙන රෑගත කෙරුණු අතර එය එහි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා හිදී රෑගත විණි.

ටොම් කෘස් ගේ ‘‘ මිෂන් ඉම්පොසිබල් 6 - ෆෝල් අවුට් ‘‘ චිත්‍රපටය ලබන ජූලි මාසයේදී තිරගත වීමට නියමිතය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS