ටැන්සානියා ජනපතිට කොරෝනා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී වැඩිදුර ප්‍රතිකාර සඳහා හොර රහසේ ඉන්දියාවට රැගෙන ගොස් ඇතැයි ටැන්සානියා විපක්ෂ නායකයා චෝදනා කරයි.

ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී, ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ අයෙකි. ඔහු ජනතාව අතරට ගියේ ද මුහුණු ආවරණ ගැන කිසිදු තැනීමක් නොකරමින්ය.

‘කොවිඩ් 19’ ආසාදනය වී, ජනාධිපතිවරයා සිහිසුන් තත්ත්වයකට පත් වුණු බවත්, පළමුවෙන් කෙන්යාවේ රෝහලකට ඇතුළත් කළ ඔහු ඉන්පසු හොර රහසේ ම ඉන්දියාවේ රෝහලක් වෙත ගෙන ගියේ යැයි විපක්ෂ නායක තුන්ඩු ලිසූ පවසා තිබේ.

විපක්ෂ නායක තුන්ඩු ලිසූ මාධ්‍ය හමුවේ මේ බව පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරය. 61 ක් හැවිරිදි, ජෝන් මැගුෆුලී සම්බන්ධයෙන් හෝ ඔහුගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් හෝ රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

ඩොඩෝමාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS