ට්‍රම්ප්ට වඩා ඉවන්කා ජනප්‍රියයි



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය, ඉවන්කා ට්‍රම්ප් ඇයගේ නාමයෙන් නිෂ්පාදනය කරනු ලබන විලාසිතා අලෙවිය පස්ගුණයකින් ඉහළගොස් ඇති බව එම වෙළෙඳ සමාගම පවසයි.

'ඉවන්කා ට්‍රම්ප්' මෝස්තර නිෂ්පාදන මෙතරම් ජනප්‍රිය මට්ටමක පවතින බව ඇස්තමේන්තු කර තිබෙන්නේ, ඇයගේ විලාසිතා ඇතැම් ඇමරිකානු වෙළඳසැල් වර්ජනය කරනු ලැබ ඇති අතරයි.පසුගිය මාසයේ ඇමරිකානු ඇඳුම් වෙළඳසැල් කීපයක් ඉවන්කා ට්‍රම්ප් විලාසිතා වර්ජනය කළේ ඇයගේ මෝස්‌තරවල විකුණුම් පහත බැස ඇති බව පවසමිනි.

ලන්ඩන් නුවර මූලස්ථානය කරගත් විලාසිතා විකුණුම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන 'ලීයිස්ට්' (Lyst) ඉදිරිපත් කරන තොරතුරු අනුව මේ වසරේ ජනවාරි -පෙබරවාරි කාලය තුළ එම විලාසිතා අලෙවිය 346% කින් ඉහළ ගිය අතර, පසුගිය වසරේ අලෙවියේ සාමාන්‍යය සමඟ සාපේක්ෂකව බලන විට මේවසරේ අලෙවියේ 577%ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

ඇමරිකානු වෙළඳපොලේ වර්ජනයකට ලක් වූ විලාසිතා සන්නාමයක් මාසයක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් ඉහළ ප්‍රචලිත භාවයක් දිනා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය මවිතය පළ කරයි.

තිළිණි ද සිල්වා
බී.බී.සී ඇසුරෙනි.

 


RECOMMEND POSTS