ට්‍රම්ප්ගේ අනියම් ඇසුරක්



ඩොනල්ඞ් ට්‍රම්ප්, මීට වසර 12 කට පෙර, ව්‍යාපාරිකයකු ලෙස තමන් සමඟ මාස ගණනක් පුරාවට ලිංගික ඇසුරක් පැවැත්වූ බවත්, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, එම සිද්ධිය යට ගැසීමට ට්‍රම්ප් උත්සාහ ගත් බවත් ඇමෙරිකාවේ ‘ප්ලේබෝයි’ සගරාවේ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටි නිරූපිකාවක ප්‍රකාශ කරන්නීය.

කැරන් මැක්ඩෝගල් නමැති මෙම නිරූපිකාව මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කැරන් මැක්ඩෝගල් පවසන අන්දමට ඇය සහ ට්‍රම්ප් අතර මාස ගණනාවක් තිස්සේ සබඳතාවක් පැවැතියේ 2006 වසරේදීය. 

කැරන් වැඩිදුරටත් පවසන පරිදි ට්‍රම්ප්, ඇය සමඟ සම්බන්ධකම් පවත්වා ඇත්තේ, බිරිය මෙලානියා පුතු බැරන් ප්‍රසූත කර දින කිහිපයක් ගත වෙද්දීය.

මේ සම්බන්ධයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ ධවල මන්දිරය හෝ මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.

ලිංගික ජවනිකාවල පෙනී සිටින ‘පෝර්න් ස්ටාර්’ නිළියන් දෙදෙනකු ද මීට පෙර චෝදනා නගා තිබුණේ ට්‍රම්ප් ඔවුන් සමඟ ද ඇසුරක් පැවැත්වූ බව කියමිනි. ඒ පිළිබඳ තොරතුරු යට ගැසීමට ට්‍රම්ප්ගෙන් මුදල් ලැබුණු බව ද එම නිළියන් දෙදෙනා පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS