ට්‍රම්ප් ලෝක සාමය ප්‍රාර්ථනා කරයි



නත්තල් නිවාඩුවට, රාජකාරි කටයුතුවලින් මිදී, ෆ්ලොරීඩාවේ පාම් බීච් නිවාඩු නිකේතනයට ගොස් සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ තම නත්තල් පැතුම ලෝක සාමය බවය.

නිවාඩු නිකේතනයේ සිට ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ‘නෝරාඞ් නත්තල් සීයා සෙවිල්ල’ නමැති වාර්ෂිකව පැවැත්වෙන වැඩසටහනට ද එක් වූහ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ 1955 වසරේ සිටය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ‘උතුරු ඇමෙරිකා ගුවන් ගමන් ආරක්ෂක අධිකාරියේ’ මැදිහත්වීමෙනි.

නත්තල් සීයා අමතන්න යැයි ඔවුන් දුරකතන අංකයක් ලබා දීම සිදු කරයි. ඇමෙරිකානු දරු දැරියෝ මෙම අංකය අමතමින් තමන්ට නත්තල් සීයාගෙන් නත්තලට ඕනෑ දේ සහ නත්තල් පැතුම කුමක්දැයි කියති.

ජනපති ට්‍රම්ප් සහ මෙලානියා මෙම වැඩසටහනට එක් වූයේ පොඩිත්තන්ගේ දුරකතන ඇමැතුම්වලට පිළිතුරු දෙමිනි. නත්තල වෙනුවෙන් තමා ප්‍රාර්ථනා ලෝක සාමය යැයි ට්‍රම්ප් පැවැසුවේ එම අවස්ථාවේදීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS