ට්‍රම්ප් මෙලානියා ජපානයේ



සිය පළමු ආසියානු සංචාරයට එක් වෙමින්, ජපානයේ ටෝකියෝ නුවර පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජපාන අගමැති ෂෙන්සෝ අබේ හමුවී සාකච්ඡා කරද්දී, ට්‍රම්ප් බිරිය මෙලානියා ටෝකියෝ නුවර සංචාරයකට එක් වූවාය.
මෙලානියාට මඟ පෙන්වීමට ඉදිරිපත් වී සිටියේ ජපාන අගමැති ආර්යාව මීකි අබේ ය.

දෙදෙනා ටෝකියෝ නුවර සුප්‍රසිද්ධ මිකිමෝටෝ ස්වර්ණාභරණ වෙළෙඳසැලේ සංචාරය කළහ. ලොව පුරා අතිශයින් ජනප්‍රිය ඉතා වටිනා ජපාන ස්වර්ණාභරණ ඇත්තේ මෙම වෙළෙඳසැලේය.


මෙලානියා සහ මීකි අබේ මෙසේ ස්වර්ණාභරණ නරඹද්දී, ජනපති ට්‍රම්ප් සහ ජපාන අගමැති ෂෙන්සෝ අබේ ගොල්ෆ් ක්‍රීඩා කිරීමට ගියහ. දෙදෙනා ගොල්ෆ් ක්‍රීඩා කළේ, කවගෝවේ ගොල්ෆ් පිටියේය. ජපාන අගමැති අබේ දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයකු බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS