ට්‍රම්ප් මට හරිම ආදරෙයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන් සමඟ තරහෙන් සිටින බව පෙන්නුවත්, සැබැවින්ම ඔහු තමන්ට ආදරේ කරන බවත් තමන් වගේ වීමට කැමැති බවත් හොලිවුඞ් නළු ආනෝල් ස්වෙසෙනෙගර් පවසා ඇත.

ආනොල්ඞ් කැලිෆෝනියා ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයාය. දැන් ඔහු යළිත් වරක් දේශපාලන කටයුතුවලින් ඉවත් වී රංගනයේ නියැලෙයි.

ආනෝල්ඞ් චරිත නිරූපණය කරන නවතම ටර්මිනේටර් චිත්‍රපටය තව නොබෝ දිනකින් ලොව පුරා තිරගතවීමට ද නියමිතය. ආනොල්ඞ් උපතින් ඔස්ට්‍රියානුවෙකි. ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ කාය වර්ධන ශිල්පියකු ලෙස නමක් දිනා ගනිමිනි.

කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් දේශපාලනයට පිවිසීමට පෙර ඇමෙරිකන් චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලාවල සුළු චරිත නිරූපණය කර ඇත. එමෙන්ම, 2015 වසර වනතුරු එන්.බී.සී. නාළිකාවේ ‘සෙලිබ්‍රටි ඇප්‍රෙන්ටිස්’ නමැති රියැලටි වැඩසටහන මෙහෙයවීම කළේ ට්‍රම්ප්ය. කෙසේ නමුත් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති මුල්කොට ගනිමින්, එන්.බී.සී. නාළිකාවේ ප්‍රධානීන් ට්‍රම්ප් එම වැඩසටහනෙන් ඉවත් කරමින්, ඒ වෙනුවට ආනොල්ඞ් ෂ්වොට්ස්නෙගර් වැඩසටහන ඉදිරිපත් කිරීමට තෝරා ගත්තේය.

ට්‍රම්ප් සහ ආනෝල්ඞ් අතර ගැටුමක් නිර්මාණය වූයේ ඒ අනුවය. ට්‍රම්ප් අවස්ථා කීපයකදී නිර්දය ලෙස ආනෝල්ඞ් ස්වෙසෙනෙගර් විවේචනය කළේය. තමා තරම් හොඳින් සහ දක්ෂ ලෙස ‘සෙලිබ්‍රටි ඇප්‍රෙන්ටිස්’ වැඩසටහන ඉදිරිපත් නොකරන බවට ජනපති ට්‍රම්ප් චෝදනා නගන්න විය.

කෙසේ නමුත් ‘පිරිමි සෞඛ්‍ය’ යන නමින් පසුගිය දා සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වුණු අතර ඊට එක්වෙමින්, නළු ආනෝල්ඞ් පැහැදිලි කළේ ජනාධිපති ට්‍රම්ප් සහ තමාගේ ගැටුමක් නොමැති බවත් ට්‍රම්ප්ට අවශ්‍ය වී ඇත්තේ තමන් වගේ චරිතයක් වීමට බවත්ය.

ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS