ට්‍රම්ප් පුතාට අලුත් පෙම්වතියක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුතු ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ට) සහ ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාවේ නිවේදිකා කිම්බර්ලි ගුලිෆොයිල් අතරේ ප්‍රේම සම්බන්ධයක් පවතින බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ වැඩිමල් පුත්‍රයාය. මොහු විවාහ වී සිටියේ වෙනේසා සමඟය. මොවුහු දෙදෙනා සති කිහිපයකට පෙර, දික්කසාද වීමට තීරණය කළහ.

එම තීරණයෙන් පසු ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් නව පෙම්වතිය ලෙස කිම්බර්ලි ගුලිෆොයිල්ට ළංවී සිටින බව මාධ්‍යවෙත අනාවරණය කර ඇත්තේ ද වෙනේසාය. කිම්බර්ලි ගුලිෆොයිල් යනු සැන් ෆ්‍රැන්සිස්කෝවේ නගරාධිපති ලෙස කටයුතු කළ ගැවින් නිව්සොම්ගේ හිටපු බිරිඳය.

(රොයිටර්)


RECOMMEND POSTS