ට්‍රම්ප් නිදහස සමරයි



ඇමෙරිකා ජනපති ධුරයට පත් වීමෙන් පසු, ඩොනල්ඞ් ට්‍රම්ප්  ඊයේ  (ජූලි 4) පළමු නිදහස් දින සැමැරුම් දේශනය පැවැත්වීය.

ඇමෙරිකා නිදහස් දිනය ජූලි 4 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්නෙන් ජනපති ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සව වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ පැවැත්වෙයි.

ධවල මන්දිරයේ සිට ජනපති ට්‍රම්ප් ජාතිය අමතද්දී, බිරිඳ මෙලානියා ද ට්‍රම්ප් අසල සිටියාය. නිදහස් පදින සැමරුමට සමගාමීව ඇමෙරිකන් හමුදා නිලධාරීන්ගේ පවුලේ අය වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

නිදහස් දිනය වෙනුවෙන් ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසක ආරක්ෂාව වෙනදාට වඩා තර කර තිබුණු බව ද වාර්තා විය. නිදහස් දින සැමරුමට ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් ද සහභාගී විය. ඒ, බිරිඳ කැරන් පෙන්ස් ද සමඟය. සුපුරුදු පරිදි නිදහස් දිනය දා රාත්‍රියේ මල්වෙඩි සන්දර්ශනය ද පැවැත්විණි.

(රොයිටර්)


RECOMMEND POSTS