ජෝර්ජ් කුමාරයා නත්තල් පුඩිමක් හදලා



නත්තල නිමිති කරගෙන බකිංහැම් මාලිගයේ, නත්තල් පුඩිමක් සෑදූ අතර ඊට පුංචි ජෝර්ජ් කුමරුන්ගේ දායකත්වය ද හිමිවියි.

නත්තල් පුඩිම සෑදීමට රජ පවුලේ ඔටුන්න හිමි පරම්පරා හතරක් එක් වී සිටීම සුවිශේෂත්වයකි. දෙවැනි එලිසබත් මහ රැජින, චාල්ස් කුමරු, විලියම් කුමරු සහ 6 හැවිරිදි ජෝර්ජ් කුමරු එම හතර දෙනාය.

නත්තල් දා සැවොම එකමුතු වෙමින් යන තේමාව යටතේ සාම්ප‍්‍රදායිකව මෙම පුඩිම සෑදීම සිදු කෙරුණු බව ද බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

ලන්ඩනයේදීය (ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS