ජෝන් ස්නොව් විවාහ වෙලා



ලොව කා අතරේත් අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝං’ ටෙලි කතාමාලාවේ ජෝන් ස්නෝව්ගේ චරිතයට පණ දෙන කිට් හාරිංටන් සහ දිගු කාලීන පෙම්වතිය රෝස් ලෙස්ලිගේ විවාහ මංගල උත්සවය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර්හිදී සිදුවිය.

මංගල උත්සවය පැවැත්වූයේ ඇබර්ඩීන්ෂයර්හි පිහිටි වෝඞ්හිල් රජ මාලිගයේය. එය රාජකීය විවාහ මංගල උත්සවයකට දෙවැනි නොවුණු බව පැවැසෙයි.

රෝස් ලෙස්ලි ද ටෙලි නිළියක වන අතර, 2012 වසරේ දී, ඇය ගේම් ඔෆ් ත්‍රෝං කතා මාලාවට සම්බන්ධ වූවාය. ඒ, ජොන් ස්නෝව්ගේ පෙම්වතිය ඉග්‍රිත්ගේ චරිතයට පණ දෙමිනි.

ජෝන් ස්නෝව් සහ ඉග්‍රිත්ගේ ආදර කතාව ‘ගේම් ඔෆ් ත්‍රෝං’ රසික රසිකාවියන්ට අරුමයක් නොවෙයි. කිට් හාරිංටන් සහ රෝස් ලෙස්ලි සැබෑ ජීවිතයේ පෙම්වතුන් බවට පත් වූයේ ද ‘ගේම් ඔෆ් ත්‍රෝං’ හරහා යැයි පැවැසෙයි.

‘ගේම් ඔෆ් ත්‍රෝං’ කතාමාලාවේ සෙසු චරිතවලට පණ දෙන අමීලියා ක්ලාක්, පීටර් ඩින්ක්ලාජ්, සෝෆි ටර්නර් ආදීහු මංගල උත්සවයට ආරාධිතයන් ලෙස පැමිණ සිටි බව පුවත් සේවා වාර්තා කරයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS