ජොනී ඉංග්ලිෂ්ගේ තෙවැනි වික‍්‍රමය



ජනපි‍්‍රය ප‍්‍රහසන නළු රෝවන් ඇට්කින්ස්, බි‍්‍රතාන්‍ය රහස් නිලධාරී ‘ජොනී ඉංග්ලිෂ්’ ලෙස චරිත නිරූපණය කරන ‘ජොනී ඉංග්ලිෂ් ස්ට‍්‍රයික් අගේන්’ චිත‍්‍රපටය දැන් ලොව පුරා තිරගතවීම් ආරම්භ කර ඇත. මෙය ඬේවිඞ් කෙර්ගේ අධ්‍යක්ෂණයකි.

සයිබර් ප‍්‍රහාරයක් සමඟ පරිගණක හැකර්වරයකු බි‍්‍රතන්‍ය රහස් නිලධාරීන්ගේ සැමගේ තොරතුරු ප‍්‍රසිද්ධියට පත් කරයි. ඉතිරි වන්නේ විශ‍්‍රාම ගොස් පාසල ඉගැන්වීම් කරන ජොනී ඉංග්ලිෂ් පමණි.

මහා බි‍්‍රතාන්‍යය වෙනුවෙන් යළි කි‍්‍රයාංවිතයට එක්වෙමින්, නවීන තාක්ෂණය සමඟ හැප්පෙමින්, එම දක්ෂ පරිගණක හැකර් සොයා අල්ලා ගැනීම ජොනී ඉංග්ලිෂ්ට පැවැරෙන මෙහෙයුම වෙයි.

2003 වසරේ තිරගත වුණු පළමු ජොනී ඉංග්ලිෂ් චිත‍්‍රපටයේ ජොනී ඉංග්ලිෂ්ගේ සගයා වූ ‘බෝ’ යළි මෙම චිත‍්‍රපටයට එක් වී සිටී. බෝගේ චරිතයට පණ දෙන්නේ බෙන් මිලර්ය.

ඊට අමතරව, එමා තොම්ප්සන්, ඔල්ගා කුර්යාලෙන්කෝ, ජේක් ලේසි ආදී නළු නිළියෝ රැුසක් ‘ජොනී ඉංග්ලිෂ් ස්ට‍්‍රයික් අගේන්’ චිත‍්‍රපටයට එක් වී සිටිති. ප‍්‍රහසනය පිරි, කි‍්‍රයාදාම චිත‍්‍රපටයක් ලෙස මෙම තෙවැනි ජොනී ඉංග්ලිෂ් චිත‍්‍රපටය හඳුන්වා දිය හැකිය.


RECOMMEND POSTS