ජපන් කුමරියගේ ආදරේ



ජපන් රජ කුමරියක වන 25 හැවිරිදි මාකෝ, සාමාන්‍ය වැසියකුට ආදරය කරන බවත්, ඔහු හා විවාහ වුවහොත්, ඇයට ඇගේ රාජකීය තත්ත්වය අත්හැර දැමීමට සිදුවනු ඇති බවත් ජපන් පුවත් සේවා වාර්තා කර තිබේ.

මාකෝ ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ වැඩිමල් මිණිපිරියයි. ඇය ආලය කරන්නේ නීති සමාගමක සේවය කරන 25 හැවිරිදි කෙයි කුමරෝ නමැති ජපන් තරුණයා සමඟය.

දෙදෙනා හමුවී ඇත්තේ 2012 වසරේ දීය. ඒ, ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රිස්ටියන් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටිද්දීය.

මාකෝ කුමරිය සිය පෙම්වතා සමඟ විවාහ වීමට බලාපොරොත්තු වන බවත්, එසේ කළොත් ජපන් රජ පවුලේ නීතියට අනුව ඇය රජ පවුලේ සාමාජිකත්වයෙන් ඉවත් කෙරන බවත් ජපාන පුවත් සේවා පැහැදිලි කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS