ඡායාරූපය උචිත නැහැ



බොලිවුඞ් සුපිරි නළු අමීර් ඛාන් සිය දියණිය සමඟ විනෝදෙන් සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ ද අමීර් ඛාන්ය. ඒ, රාමසාන් වෙනුවෙන්, ඔහුගේ ෆේස්බුක් ගිනුම ඔස්සේය. 52 හැවිරිදි අමීර් සහ 21 හැවිරිදි දියණිය ඉරාගේ මෙම ඡායාරූපය රාමසාන් සමය නිමිත්තේ ප්‍රසිද්ධියට පත් කිරීම උචිත නොවන බවය.

‘ඔවුන් තාත්තා සහ දියණිය වෙන්න පුළුවන්. ඒත් රාමසාන් සමය නිමිත්තෙන් මේ අයුරින් ඡායාරූප පළ කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ’ යැයි බෙහෝ මුස්ලිම් වැසියන්ගේ ආකල්පය වී ඇත.

අමීර් ඛාන් දෙවරක් විවාහ වූ අයෙකි. ඉරා ඔහුගේ පළමු කසාදයේ දියණියයි. පළමු කසාදයෙන් අමීර්ට පුතෙක් සිටී. ඔහු ජුනිඞ්ය. අමීර්ගේ පළමු බිරිඳ වන්නේ රීනා දත්තාය.

අමීර් ඛාන් දෙවැනි වරට විවාහ වූයේ 2005 වසරේදීය. ඒ,  සිනමා නිර්මාණ ශිල්පිනියක වන කිරන් රාඕ සමඟය. දෙදෙනාට අසාද් නමින් පුතෙක් සිටී.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS